Maliban Custard Cream Biscuit

Client | Maliban Biscuits

Agency | Grey Colombo
Creative Director | Amila Galappaththi

Production House | SKY
Director | Nilan Cooray
Cinematographer | Ranga SB

Advertisements

The Devil Himself / Short Film/ #ShortsAgainstHumanity

#TheDevilHimself #shortsagainsthumanity#cardsagainsthumanity
#ShortsAgainstHumanity’s second film re-imagines the birth of the man, the myth and the social construct humanity has forever blamed when confronted with the inexplicable.

Maliban Custard and Orange Biscuits

Client | Maliban Biscuits

Agency | Grey Colombo
Creative Director | Amila Galappaththi

Production House | SKY
Director | Nilan Cooray
Cinematographer | Ranga SB

#philosoposon

philosoposon

The Invisible Hand #ShortsAgainstHumanity

The first film of the #ShortsAgainstHumanity series is an experiment in stop-motion storytelling. Here we explore the strained and sometimes strange relationship between a mother and her young daughter. Watch the drama unfold to a mind-bending climax.

#TheInvisibleHand #ShortsAgainstHumanity #CardsAgainstHumanity

ෆොටෝෂොප් කාරයන්ගේ සින්දු #photoshopsongs

Viral Campaign for AYAALE art blog.
Creative Director #Amila Galappatthi
Art Director #Harendra Vishwajith

Shoke Byte Eka- Maliban Spicy Crackers

Client | Maliban Biscuits
Agency | Grey Colombo
Creative Director | Amila Galappaththi
Agency Producer | Dinusha Wettewe

Production House | Inflame
Director | Saminda Ranawaka
Cinematographer | Palitha Perera
Production Designer | Lal Hareendranath
Costume Designer | Niluka Wanigarathna
Make-Up | Samarasiri Kandanage
Asst. Director | Daminda Madawala
Production Manager | Nalin Perera
Producer | Praveen Kulasinghe
Post | Amith Asanka

තිරය NIL ON THE BLOK

PETH / STONAPATHI ft. *imaad majeed

කාජල්, තණ්හා, රතී, රඟා – Short Review on the film “Thanha Rathi Ranga”

කාජල්, තණ්හා, රතී, රඟා

කුමාර තිරිමාදුර ව මට ඉස්සෙල්ලාම හම්බවුනේ කට කපලා පිරිච්ච ලාස්ට් බස් එකක ෆුට් බෝඞ් එකේ එල්ලිලා යන ගමන්, රෑක. මම එයා රඟපාපු නාට්ටියක් බලලා ඒකේ එයාගේ රඟපෑම කොච්චර ලස්සන ද කියලා හිතා හිතා යන අතරේ එයා මගේ එහා පැත්තෙන් ෆුට්බෝඞ් එකේ එල්ලිලා ගෙදර යන එක මට මාර අත්දැකීමක් වුනා.

මේ සිද්දිය මට ආපහු මතක් වුනේ එයාම රඟපාන නිලේන්ද්‍ර දේශප‍්‍රිය මහත්මයගේ තණ්හා රතී රඟා චිත‍්‍රපටිය බලලා ඒ වගේම ලාස්ට් බස් එකක ගෙදර යනකොට. එදා මම අත්විඳපු ෆුට්බෝඞ් අත්දැකීම මට අලූත් විදිහකට තේරෙන්න පටන් ගත්තා. සිනමාව අපිට හම්බවෙච්ච තැනේ අවුලක් ද මන්දා සිනමාව ඇතුලේ අපිට හම්බවෙන චරිත අපේ ඇත්ත ජීවිත වලට හරිම ඈතයි කියලා මට ගොඩක් වෙලාවට හිතෙනවා. හැබැයි ඒ අතරේ හැම කාලෙකම එක්කෙනෙක් දෙන්නෙක් මේ චරිත වලට පණ පොවන විදිහෙන් ඒ චරිත අපේ ඇත්ත ජීවිත වලට පුදුම විදිහට බද්ධ කරනවා. ජෝ ලා ගාමිණීලා මාලිනීලා කලං ලා. අපිට අපේ සිනමාවකට නැවෙත හැරෙන්න නං මේ කාරණය හරියට අල්ල ගන්න එක වැදගත් වෙයි කියලා මම හිතනවා. කාලෙකින් මේ වැඬේ හරියටම කලේ අපේ රටෙන් පිට මිනිහෙක් හදපු ‘‘මචං’’. හැබැයි මචං පිටිපස්සේ හිටපු රුවන්ති, මචං, මචං වෙන්න ලොකු දායකත්වයක් දෙන්න ඇති කියලා මං තේරුම් ගත්තේ ඉංග‍්‍රීසියෙන් වගේම සිංහලෙන් වේදිකාගත වුනු රුවන්තිගේ ‘‘කලූ මාලි’’ දැක්කට පස්සේ. භාෂා දෙකෙන්ම එකවගේම හොඳට තිබිච්ච ඒක, වැඩක්! කොහොමින් හරි තණ්හා රතී රඟා ගැන ලියන්න මාව පොළඹවන්නේ ඒ චිත‍්‍රපටයේ රඟපාන නලූ නිළි කැල. තිරිමාදුර, සුලෝචනා, විශ්වජිත්, ප‍්‍රියන්ත, නාමල්, දයාදේව, සරත් රඟපානව රඟපෑමක් මෑත කාලෙක මම දැකපු ඉස්තරම්ම විදිහට. සමස්තයක් විදිහට මුලූ චිත‍්‍රපටයෙම රඟපෑම් සහ නලූ නිළියන් තේරීම ඉතා උසස් මට්ටමක තිබුණත් මම ඉහත සඳහන් කරපු කට්ටියගේ රඟපෑම් අපිව හ`ඩවනවා!

චිත‍්‍රපටයේ මුල ඉඳන් ලස්සනට ගලාගෙන යනවා. එකින් එක සිදුවීම් මතු වෙන විදිහ, ඒවා අතුරු කතා වලට කැපෙන විදිහ හරිම ලස්සනයි. නිලේන්ද්‍ර අපිට හැත්තෑවයි අසූවයි අතරේ සිනමාවේ තිබිච්ච සුන්දර අපේ කෑල්ල ආපහු ගේනවා. ෆිල්ම් එකේ හොඳ රිදම් එකක් තියෙනවා. චිත‍්‍රපටය ගලාගෙන යනවා දැනෙන්නේ නෑ. මං ඇත්තටම මේ ෆිල්ම් එකට ආස තැනත් ඒක. ෆිල්ම් එක බැලූවට පස්සේ ලොකු ලොකු තර්ක විතර්ක වලට යන්න මට හිතුනේ නැහැ. චිත‍්‍රපටය ඉවර වෙනකොට මට ඒ චරිතවල අසරණකම අස්සේ ඒ ගොල්ලෝ ජීවිතේ ගෙනියන විදිහ ගැන ලොකු ආදරයක් හිතුනා. ඒ දරාගෙන ඉන්න දුක් කරදර මැද්දේ, ටි‍්‍රප් එකක් ගිහිල්ලා, අඩියක් ගහලා, සිංදුවක් කියලා, ලව් කරලා, රණ්ඩු වෙලා, හිරේ ගිහිල්ලා ඉන්න මිනිස්සු කට්ටියක් අතරේ මං ඔහේ බලාගෙන හිටියා. චිත‍්‍රපටය පුරාම නිලේන්ද්‍ර අපිට ඒ ජීවිත වල සමීප රූප හරිම සිනමාත්මකව පෙන්නනවා. ධනුෂ්කගේ කැමරාව ඇතැම් තැන්වල ඉතාම ප‍්‍රබලයි. චිත‍්‍රපටයේ එක් තැනක විමලේ අවසිහියෙන් වගේ බයිසිකලය පැදගෙන එන තැන ඉඳන් දිගහැරෙන දර්ශන පෙළ අපේ මතකයේ දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම චිත‍්‍රපටය පුරාවටම රූපයට කතාකරන්නට ඉඩහරින්නට නිලේන්ද්‍ර තීරණය කර ඇති බව හොඳින්ම පේනවා. හැබැයි ඔහු ඒක කරන්නේ අපේ සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට ආගන්තුක තැනකින් නෙමෙයි. ත‍්‍රීවීල් එකේ තියෙන බුද්ධ රූපය, එක තැනකදී අරුම පුදුම විදිහට හඳුන්වා දුන්නාට පස්සේ තවත් තැන් ගණනාවකදීම අහේතුකව අපි දිහා බලන් ඉන්න ‘‘කාජල්’’ වගේ දර්ශන ඉතාම ප‍්‍රබල යටිපෙලක් ගොඩ නගන්න යෝජනා කරනවා. ‘‘කාජල්’’ කිව්වම ඒක ගැන නං කතා නොකර ඉන්නම බැහැ. චෙක් පොයින්ට් එකක ආමි කාරෙයෙක් විදිහට මුලූ ෆිල්ම් එකේම පි‍්‍රයන්ත සිරිකුමාර රඟපාන්නේ ඇත්තටම බැලූවොත් තත්පර ගානයි. හැබැයි එයා ති‍්‍රීවිල් එකේ ගහලා තියෙන කාජල් ගේ ෆෝටෝඑක අත ගාලා ‘‘කාජල්’’ කියලා කියන දෙබස මම හිතන්නේ නැහැ මට ජීවිත කාලෙටම අමතක වෙයි කියලා. සිනමා රංගන ශිල්පියෙක් විදිහට ඒ ටයිමිං, ඒ කන්ටිනුයිටි, අති විශිෂ්ඨයි. අපි ප‍්‍රවීණයා කියන වචනේ පරෙස්සමට ඉතුරු කරලා තියාගන්න ඕනේ මේ වගේ වෙලාවල් වලට. එක වචනයක් ඩිලිවර් කරලා පේ‍්‍රක්ෂකාගාරයක් හිරිවට්ටන්න පුලූවන් ප‍්‍රියන්ත සිරිකුමාර කියන්නේ මාර නලූවෙක්! පිටපතක් ඇතුලේ ෆිල්ම් එකකට වඩා ලොකු කතාවක් තත්පර ගණනක සීන් එකකට ගෙන්න පුලූවන් කියන්නේ හරිම දියුණු සිනමා භාවිතයක්! මං දන්න විදිහට නිලේන්ද්‍ර කියන්නෙත් වැඩි කාලයක් එක තැනක හිරවෙලා හිටපු මනුස්සයෙක් නෙමෙයි. අපි හොඳටම දන්න චරිත අපි ඉස්සරහා ආපහු දනවන්න ඒ වගේ රස්තියාදුකාර පොහොසත් කමක් නැත්තං ලේසි නැහැ. නිලේන්ද්‍රගේ පිටපතේ මේ රස්තියාදුකාර කමට හම්බවෙච්චි පුංචි ඉඩකඩක් ඇතුලේ පවා විශ්වජිත් ගුණසේකරලා, දයාදේව එදිරිසිංහලා, සරත්ලා, සුලෝචනාලා පිනුම් ගහනවා. හෙට දවසේ, චිත‍්‍රපට ශාලා වලට ලංකාවේ මිනිස්සු අද්දවන මැෂින් වෙන්නේ මේ ගොල්ලෝ මිසක් තවදුරටත් පුයර බබාලා නෙමෙයි. ඇතැම් ප‍්‍රවීණයෝ නාගනිද්දී මේ ගොල්ලෝ මාර විදිහට චරිත වලට අනන්‍ය වෙනවා. අපේ රටේ අපේ එවුන්ට බලන්න හැදෙන සිනමාවක් ගැන අපිට පැහැදිලිම සුභවාදී බලාපොරොත්තු තියාගන්න පුලූවන්. අඳුරු කුටිය තුළ දොරගුලූ ලාගෙන සිනමාව ඇතුලෙන් අපි රිංගන්න හදන්නේ සිහිනයට තමයි, හැබැයි ඒ සිහිනය කියන්නේ මායාවට නෙමෙයි. චිත‍්‍රපටියේ එක තැනක බස් එකට නගින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කතාව කියන්න ජසින්තට තියෙන්නේ ඇස් දෙක විතරයි. එක තත්පරේකදී ගිගා බයිට් ගාණක දත්ත හුවමාරු කරන සුලෝචනාගේ ඇස් දෙක දැකලා මට පිස්සු හැදුනා. ඊළඟ මාලිනි කියන්නේ මාලිනි වගේ මූණක් තියෙන කෙනෙකුට විතරක් නෙමෙයි. මේ විශිෂ්ඨ රඟපෑම් මම වගේම මාත් එක්ක ගැලරියේ හිටපු අනිත් අයත් විඳගත්තා කියලා දැනුනේ අතරින් පතර ඇහුනු ‘‘ආහ්’’ ‘‘ඌහ්’’ වලින්.

කාලෙන් කාලෙට සිනමාවේ මතු වෙන ලොකු ලොකු රැලි අස්සේ ගරිල්ලා වැඩ කරන එක ලේසි නැහැ. ලේසියෙන්ම කරන්න තිබ්බ රැල්ලට ගහගෙන යන්නේ නැතුව නිලේන්ද්‍ර තමන්ගේ පළවෙනි වැඬේ අලූත් මිනිස්සු ටිකක් එක්ක කරන්න ගත්තු එකම අවදානමක්. ඒත් එයා ඒ අවදානම ගත්තා. ඒකයි වැදගත්ම කාරණේ. අනිත් එක එයා ඒ අවදානම ගන්නේ මේ රටේ දුවන්න පුලූවන් චිත‍්‍රපටියක් හදන්න. දුවන්න පුලූවන් චිත‍්‍රපටියක් කරන්න තීරණය කරලා ඒක ඇතුලේ හොඳ වැඩකුත් කරන්න උත්සාහ කරන එක වැඩක්.

චිත‍්‍රපටිය දිහා ආපහු හැරිලා බලනකොට ඒකේ ශීල්පීය කාරණා අතරින් ඇතැම් ඒවට මම ඉතාම කමතියි වගේම ඇතැම් ඒවා වඩා සුමුදු වුනා නම් හොඳයි කියලා හිතිච්ච තැනුත් තිබුනා. උදාහරණයක් විදිහට චිත‍්‍රපටයේ ඇතැම් තැන්වල තියෙන හස්තගත කැමරා භාවිතය ශිල්පීයව පලූදු වුනු තැන් තිබුණා. අර සමනල්ලූ රෑන දෙබෑ කරගෙන යන රූපයට මම ඉතාම කැමතියි වගේම පිස්තෝලෙත් එක්ක ණයා පෙන්නන එකට නං මම එච්චර කැමති නැහැ. ඒ වගේම චිත‍්‍රපටයේ සංස්කරණය චිත‍්‍රපටයට අමුතු අලෝකයක් ගෙන දෙන්නේ නැති බව මගේ හැ`ගීමයි. මේ වර්ගයේ චිත‍්‍රපටයක සංස්කරණයෙන් ලොකු වෙනසක් කළ හැකි බවයි මගේ පෞද්ගලික මතය. ඒ වෙනුවට මම දැක්කේ අර හැමදාමත් දකින විදිහේ දන්න විදිහට ඔහේ සංස්කරණය කිරීමක්. ස්වාධීන සංස්කරණයක් වෙනුවෙන් පිටපතෙන් ලබාදී තිබුණු අවසරය ප‍්‍රයෝජනයට ගෙන තිබුනු ආකාරයක් දකින්නට ලැබුනේ නැහැ. සංගීතය ගැනත් කියන්න තියෙන්නේ ඒකමයි. චිත‍්‍රපටියේ වෙන ආරක වෙද්දී සංගීතය තිබුනේ බලෙන් ආරෝපණය කරගන්න ගිය සුභාවිත තැනක. මේක හොඳටම කැපිලා පේන්නේ ටි‍්‍රප් එකේ බජව් පාටි දර්ශනය එක්ක සංසන්දනය කරලා බලද්දි. එතන තියෙන සංගීතය තමයි චිත‍්‍රපටියේ සංගීතය. එතනින් පස්සේ ගහන්නේ දුකට එකයි සැපට එකයි වගේ සංගීතයක්. කෙසේ වෙතත් චිත‍්‍රපටියේ මුල් බාගයේදී මේ වෙනස එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි අන්තිම හරිය වෙනකොට චිත‍්‍රපටිය ඉල්ලන සංගීතය නැතිවීමේ අඩුව දැනෙනවා. අනිත් කාරණය තමයි, මම ආස විදිහට නං චිත‍්‍රපටය ඉවර වෙන්න තිබ්බේ මනෝරාණිගේ දර්ශන පෙලට කලින්. ඒ සිදුවීම් පෙල අධ්‍යක්ෂකවරයාගේ ඒකාග‍්‍රතාවය ගිලිහීමක් ලෙස නම් කරන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් මට ඒ ගැන අපරාදේ කියලා හිතෙන එක අමතක කරන්න බැහැ. කෙසේ වෙතත් ලංකාවේ ඇතුළේ චිත‍්‍රපටකරුවෙක් තමන්ගේ පළවෙනි චිත‍්‍රපටය හදනවා කියන්නේ තාත්තා කෙනෙක් නැතුව ළමයෙක් හම්බවෙන්න ඉන්න ගෑනියෙකුටත් වඩා අසීරු කාරණයක් බවත් අපිට අමතක කරන්න බැහැ.

නිලේන්ද්‍රගේ චිත‍්‍රපටිය හැදෙන්නෙත් යුද්දේ ගැනම තමයි. හැබැයි යුධ සංඥාව ඔහුගේ මල්ලෙන් ගෙඩිය පිටින් එළියට පනින්නේ නැති එකයි විශේෂත්වය. යුද්ධෙ ගැන චිත‍්‍රපට හදපු ලංකාවේ සිනමාකරුවෝ ගොඩක් දුරට යුද්ධෙට තියා තමන්ටවත් අවංක නැහැ. අපේ රටේ යුධ චිත‍්‍රපට හැදුනේ එක්කෝ තියෙන රජයකින් ලකුණු දාගන්න නැත්තං ලෝකෙ කොහේ හරි වෙනත් රටකින් ලකුණු දාගන්න. තණ්හා රතී රඟා බලන කොට මට හිතුනේ අවුරුදු 30ක් යුද්ධෙ තිබිච්ච කාලෙත් අපි කොළඹ හිටියේ මේ වගේම නේ කියලා. බස් බෝම්බ පුපුරපු ඒවා සුයිසයිඞ් බෝම්බ පුපුරපු ඒවා මාර භයානක සිද්දිවුනේ පිටරට මීඩියා වලට විතරනේ. ඒත් ඉතිං අපි වෙනදා වගේම කෑව බිව්වා, පාටි දැම්මා, සිංදු කිව්වා, ලව් කලා, මරාගත්තා. යුද්දේ තිබුනා කියලා අමුතු එකක් තිබුන්නෑනේ. ඔන්න අච්චරක් මැරුණා, මෙච්චරක් මැරුණා කියලා නිව්ස් වලට දැක්කහම මැච් එකක් පරාද වුනා වගේ ටික වෙලාවක් අප්සට් ගහලා හිටියා. මං හිතන්නේ අපිට අපේ ඔලූව උඩ තිබිච්ච යුද්දේ හරියටම දැනුනේ ඒක ඉවර වුනාට පස්සේ. ඒ දැනිච්ච හිස්කම තමයි ෆිල්ම් එකේ තෙරුනිගේ මූණ ඉස්සරහ පත්තු වුනේ. දේශපාලනය කියන්නේ ඝනීභවනය වෙච්ච තණ්හාවට නං, යුද්ධ කියන දේවල් කාලෙන් කාලෙට ඇවිල්ලා යනවා. මිනිස්සු ඉපදෙනවා මැරෙනවා. කළාකරුවෙකුට කරන්න පුලූවන් තමන්ගේ කැඩපත ඒ මිනිස්සුන්ගේ ජීවිත දිහාවට අල්ලන එක විතරයි. ඉතිං තණ්හා රතී රඟා ඒ වැඬේ බොහොම සුන්දර විදිහට කරනවා කියලා මම හිතනවා.

චිත‍්‍රපටය එලියට එද්දී නිලේන්ද්‍ර ඒ චිත‍්‍රපටයට දීපු නම ගැනත් ක්ෂේත‍්‍රයේ ගොඩක් දෙනෙක් කතා වුනා. ඒත් රැල්ලට ආපු ගොඩක් චිත‍්‍රපටි අපිව අන්ධ භක්තියට අරගෙන ගිහිල්ලා තියෙන තැනින් තවත් මොට්ට කරද්දී. නිලේන්ද්‍ර තණ්හා රතී රඟා කියලා කරන්නේ එව බලව වගේ වැඩක්. ඒ වැඬේ ගිහිල්ලා බලන්න වටිනවා. ඒක අපිට එන්න කියලා බොරු කරන්නේ නැහැ!

අමිල ගලප්පත්ති

Blog at WordPress.com.